අම්මලාට, තාත්තලාටFor parents

ගෙදර හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් කතා.Calm, warm stories for the whole family to watch together.

අපි වටිනා කියලා හිතන දේවල්What we care about

  • හෙමින්, ලස්සනටCalm and warm

    හෙමින් යන කතා, හෙමින් යන කැමරාව. ඉක්මන් කට් නෑ, කෑගැහිලි නෑ.Gentle pacing, slow camera moves, no rapid cuts and no shouting.

  • ගෙදර කතා කරන සිංහලෙන්In everyday Sinhala

    ගෙදරදි අපි කතා කරන විදිහටම. ඉංග්‍රීසි උපසිරැසිත් තියෙනවා.Spoken the way families speak at home, with English subtitles.

  • හැම කතාවකම පොඩි පාඩමක්One small lesson an episode

    මුලින්ම කතාව, ඊට පස්සේ පාඩම: අකුරක්, ඉලක්කමක්, බෙදාගැනීම, සමාව ඉල්ලීම.Story first, lesson second: a letter, a number, sharing, saying sorry.

  • අපේම ගමේ කතාVisibly Sri Lankan, and our own

    අපේම චරිත, අපේම ගම, අපේ කෑම, අපේ උත්සව. කාගෙවත් කාටූන් අනුකරණය කරන්නේ නෑ.Our own characters, village, food and festivals. We never copy anyone else's show.

හැම කතාවකම පාඩමEach episode's lesson

  • කතාව 1 · හිරුයි කුරුලු පැටියයි: ඉවසීමEpisode 1 · Hiru and the Baby Bird: Patience

    හිරුට ඕනේ පැටියා දැන්ම පියාඹනවා දකින්න. සීයා කියනවා එයාගෙ අම්මයි තාත්තයි බලාගෙන ඉන්නවා, එයාට ටිකක් ඉඩ දෙන්න, ටිකක් වෙලාව දෙන්න කියලා. හවස් වෙද්දි පැටියා පියාඹනවා.Hiru wants the baby bird to fly right now. Seeya tells him its parents are watching: give it a little room and a little time. By dusk, it flies.

    බලලා ඉවර වුණාම අහන්න: ඔයාට මොකක් හරි දෙයක් එනකම් ඉවසලා ඉන්න වුණේ කවද්ද?After watching, ask: when did you have to wait for something?

අපි හදන විදිහHow it's made

චුට්ටන් බට්ටිච්චා ලියලා, චරිත හදලා, අධ්‍යක්ෂණය කරන්නේ අවිශ්ක ඉන්දුල. හැම චරිතයක්ම, හැම තැනක්ම අපේම ස්ටූඩියෝ එකේ අපි ඇඳපු ඒවා.Chuttan Battichcha is written, designed and directed by Avishka Indula. Every character and every place is our own drawing, made in our own small studio.

චරිත හැදුවේ කෑලි කෑලි වලට, ඇත්ත කාටූන් රිග් එකක් විදිහට. ඒ කෑලි හොලවලා තමා ඇනිමේට් කරන්නේ.The characters are real cut-out rigs, animated part by part, the way 2D cartoons have long been made.

තිරය ඉදිරිපිට වෙලාවScreen time

  • එක කතාවක් විනාඩි හතක් විතර. එක කතාවක් බලලා, ඊට පස්සේ එළියට ගිහින් සෙල්ලම් කරමු.An episode is about seven minutes: one story, then off to play.

  • පුළුවන් නම් එකට බලන්න. බලලා ඉවර වුණාම පාඩම ගැන ටිකක් කතා කරන්න.Watch together when you can, and talk about the lesson afterwards.

  • මේ වෙබ් අඩවියේ කිසිම දෙයක් ඉබේ play වෙන්නේ නෑ, ශබ්දයත් ඔයා දාන්නේ නැත්නම් එන්නේ නෑ.Nothing on this site plays by itself, and there's no sound unless you switch it on.

  • ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ අවුරුදු 2–4 ළමයින්ට දවසකට පැයකට වඩා තිරය ඉදිරිපිට වෙලාව නොදෙන්න කියලා. අඩු නම් තවත් හොඳයි.The World Health Organization suggests no more than an hour of screen time a day for children aged 2 to 4, and less is better.

ඔයාගේ පෞද්ගලිකත්වයYour privacy

අපි ළමයි ගැන කිසිම දෙයක් එකතු කරන්නේ නෑ. ෆෝම් නෑ, ගිණුම් නෑ, දැන්වීම් නෑ, ට්‍රැකින් නෑ.We collect nothing about children. No forms, no accounts, no ads, no tracking.

අපිට ලියන්නWrite to us

අදහසක්, ප්‍රශ්නයක්, නැත්නම් ඔයාගේ පොඩ්ඩා කතාවට කැමති වුණු විදිහ ගැන අපිට ලියන්න.An idea, a question, or how your little one liked the story: we'd love to hear.

info@taprokids.com