









හිරුයි කුරුලු පැටියයිEpisode 1 · Hiru and the Baby Bird
අත්තම්මගෙ ගෙදර වද ගහ යට, හිරුට කූඩුවෙන් වැටුණු කුරුලු පැටියෙක් හම්බ වෙනවා. එයාට තාම පියාඹන්න බෑ, ඉතින් හිරු එයාට උගන්නන්න හදනවා. ඒත් අන්තිමට හිරු තමා ඉවසන්න ඉගෙන ගන්නේ.Under the hibiscus at Aththamma's house, little Hiru finds a baby tailorbird that has fallen from its nest. He tries to teach it to fly… but in the end, it's Hiru who learns something: patience.
පොඩි පාඩමThe small lesson
ඉවසීමPatience
හිරුට ඕනේ පැටියා දැන්ම පියාඹනවා දකින්න. සීයා කියනවා එයාගෙ අම්මයි තාත්තයි බලාගෙන ඉන්නවා, එයාට ටිකක් ඉඩ දෙන්න, ටිකක් වෙලාව දෙන්න කියලා. හවස් වෙද්දි පැටියා පියාඹනවා.Hiru wants the baby bird to fly right now. Seeya tells him its parents are watching: give it a little room and a little time. By dusk, it flies.
බලලා ඉවර වුණාම අහන්න: ඔයාට මොකක් හරි දෙයක් එනකම් ඉවසලා ඉන්න වුණේ කවද්ද?After watching, ask: when did you have to wait for something?
කතාවේ වචනTranscript
කතාවේ කියන හැම වචනයක්ම, සිංහලෙන් සහ ඉංග්රීසියෙන්. කතාවේ උපසිරැසිවලින්.Every line of the episode in Sinhala and English, from its subtitles.
වචන පෙන්නන්නShow the transcript
- චු…Ch…
- චුට්ටන් බට්ටිච්චා!Chuttan Battichcha!
- හිරුයි කුරුලු පැටියයිHiru and the Baby Bird
- සීයේ!Seeya!
- හෙමින් හෙමින් පුතේ, බෑග් එක වැටෙයි.Slowly, slowly, son, your bag will fall.
- හිරු, අපි රේස් එකක් දුවමු, ගේට්ටුව ළඟට!Hiru, let's race, to the gate!
- එකයි, දෙකයි, තුනයි, හතරයි… අයියෝ, ආයෙත් හැංගුණා නේ!One, two, three, four… aiyo, they hid again!
- ඔයාට නම් කවදාවත් ඔය මාළු ගණන් කරන්න බෑ!You'll never be able to count those fish!
- හෙට නම් පුළුවන්!Tomorrow I can!
- ළමයිනේ! තේ බොන්න එන්නකෝ!Kids! Come and have your tea!
- අක්කේ, මේ බලන්නකෝ! කුරුලු පැටියෙක්!Akka! Look! A baby bird!
- අනේ… හරිම පොඩියි නේ.Aww… it's so tiny.
- එයා වැටිලා අක්කේ, එයාට පියාඹන්න බෑ!It fell! It can't fly!
- සීයේ! හදිස්සියක්!Seeya! An emergency!
- හදිස්සියක්?An emergency?
- හරි හරි. සිද්ධිය මුල ඉඳන් කියන්නකෝ.All right, all right. State the facts from the beginning.
- කුරුලු පැටියෙක් වද ගහ යට ඉන්නවා, එයාට පියාඹන්න බෑ, එයා තනිවෙලා, ඉතින් අපි උදව් කරන්න ඕනෙ!There's a baby bird under the hibiscus, it can't fly, it's all alone, so we have to help!
- අනේ, ඒ බට්ටිච්චා පැටියෙක් වෙන්න ඇති.Aww, that'll be a baby battichcha.
- අල්ලන්න නම් එපා පුතේ, එයාගෙ අම්මා ළඟපාතක ඇති.But don't touch it, son, its mother will be close by.
- එහෙනම් මං එයාට පියාඹන්න උගන්නන්නම්!Then I'll teach it to fly!
- අත්තම්මේ, අම්මා අද පරක්කු වෙනවලු. බබා ගැන බලන්න දොස්තර ළඟට ගිහිල්ලා.Aththamma, Amma says she'll be late today. She's gone to the doctor, to check on the baby.
- හා, හොඳයි දුවේ.Mm, that's good, my girl.
- මෙන්න, එකක් කාලා ඊළඟ එකට යන්න. ඊට පස්සේ උඩට යන්න, ඊට පස්සේ… පියාඹන්න, හරිද?Here, eat one and go to the next. Then go up, and then… fly, okay?
- අනේ නෑ නෑ, උඩට!No, no, UP!
- දැන් බඩ පිරිලා එයාට පියාඹන්න බෑ, හරියට අපි අත්තම්මගෙ දවල් කෑම කෑවට පස්සේ වගේ!Now he's too full to fly, like us after Aththamma's lunch!
- මට ඇහුණා ඒක!I heard that!
- හරි, මං පෙන්නන්නම් පියාඹන්නේ කොහොමද කියලා!Right. I'll show him how to fly.
- වූඌෂ්!Whooosh…!
- අම්මෝ!Ouch!
- හ්ම්. දැන් ඉතින් අපිට පියාඹන්න බැරි කුරුල්ලෝ දෙන්නෙක් ඉන්නවා.Now we've got two birds that can't fly.
- අක්කේ, මට කෝටු ටිකක් දෙන්නකෝ! මං පාලමක් හදන්නම්.Akka, give me some sticks! I'm building a bridge!
- අන්න හරි! දැන් එයාට ඇවිදගෙන උඩට යන්න පුළුවන්.Done! Now he can just walk right up!
- අන්තිමට මං වැඩේ අමාරු කරපු එක තමා කරේ.In the end, all I did was make it harder.
- මෙහෙ එන්න පුතේ, ඇවිත් ඉඳගන්නකෝ.Come here, son, come and sit.
- දැන්, කතා කරන්නෙ නැතුව බලාගෙන ඉන්න.Now just watch, without talking.
- අන්න… එයාගේ අම්මයි තාත්තයි!It's his Amma and Thaththa!
- ඔව් පුතේ, ඒ පැටියා තනිවෙලා නෑ. එයාලා මෙතනමයි ඉන්නේ.Yes, son, that little one isn't alone. They're right here.
- ඉතින්… සමහර වෙලාවට උදව් කරන්න තියෙන එකම විදිහ, ඉවසලා බලාගෙන ඉන්න එක තමා.So… sometimes the only way to help is to wait patiently and watch.
- අනේ සීයේ, තව කොච්චර වෙලා බලාගෙන ඉන්න ඕනෙද?Aney Seeya, how much longer do we have to wait?
- බලමු බලමු.We'll see, we'll see.
- එකයි…One…
- දෙකයි…Two…
- තුනයි…Three…
- ෂ්ෂ්… හිරු!Shh… Hiru!
- අන්න… එයා පියෑඹුවා!Look… he flew!
- හා, කට අරින්නකෝ පුතේ.There, open your mouth, son.
- චුට්ටන් බට්ටිච්චා, දං ගෙඩියක් දැක්කා, චූටි හොටෙන් ඇන්නා, ඩිංග ඩිංග කෑවා!Chuttan Battichcha saw a dan fruit, pecked it with his tiny beak, and ate it bit by bit
- අන්න හරි! ඒකයි එයාගේ නම, චුට්ටන් බට්ටිච්චා!That's it! That's his name! Chuttan Battichcha!
- චුට්ටන්…Chuttan!
- ස්තූතියි, හිරු!Thank you, Hiru!
- අක්කේ! එයාට කතා කරන්න පුළුවන්!Akka! He can talk!
- තව… දං ගෙඩි තියෙනවද?…Are there any more dan fruits?
- මේ, ඔය දෙන්නා කාත් එක්කද කතා කරන්නේ?Who are you two talking to?
- කාත් එක්කවත් නෙමෙයි!Nobody!
- බබා හොඳින්ද?Is the baby okay?
- ඔව් දුවේ… බබාත් හොඳින්, අම්මත් හොඳින්.Yes, my girl… the baby's fine, and Amma's fine.
- අම්මේ!Amma!
- මගෙ පුතේ! ඉතින්, අද මොනවද කරේ?My boy! What did you do today?
- කුරුලු පැටියෙක් වැටිලා හිටියා, මං එයාට පියාඹන්න උගන්නන්න හැදුවා, ඒත් හරි ගියේ නෑ, මං වැඩේ තව අමාරු කරා,A baby bird had fallen, I tried to teach it to fly, but it didn't work, I made it even harder, then Seeya said to wait patiently and watch,
- ඊට පස්සේ සීයා කිව්වා ඉවසලා බලාගෙන ඉන්න කියලා, ඉතින් මං බලාගෙන හිටියා, හිටියා, හිටියා… අන්තිමට එයා පියෑඹුවා!so I waited and waited and waited… and in the end, it flew!
- එහෙනම් අද මගෙ පුතා ඉවසන්න ඉගෙන ගත්තා නේද?So today my boy learned to be patient, didn't he?
- ම්ම්… ඔව්, පොඩ්ඩක්.Mm… yes, a little bit.
- අන්න අන්න! වවුලෝ එනවා!There! The bats are coming!
- අන්න තව එනවා! එන්න එන්න!Look, more are coming! Come on, come on!
- එක දෙක තුන හතර පහ… අයියෝ, වැරදුණා!One two three four five… aiyo, I lost it!
- හෙමින් හෙමින් පුතේ.Slowly, slowly, son.
- එකයි…One…
- දෙකයි…Two…
- තුනයි.Three.
- මං හරියට ගණන් කරා.I counted it right!
- අපේ පුතා දැන් ලොකු ළමයෙක් නේ.Our boy's a big boy now.
- අර පැටියත් දැන් අම්මයි තාත්තයි ළඟ නිදාගෙන ඇති.That little one must be asleep by his mum and dad by now.
- ඔයාලත් දැන් නිදාගන්න යන්න.Now you two go and sleep too.
- හා අත්තම්මේ, අපි ගිහින් එන්නම්!Okay Aththamma, we'll go and come back!
- හෙටත් අපි අත්තම්මගෙ ගෙදරට එන්නම්!We'll come to Aththamma's house tomorrow too!
කතාව හැදුවේCredits
අවිශ්ක ඉන්දුල ගේ නිර්මාණයක්A project by Avishka Indula
කතාව ලිව්වේ, චරිත හැදුවේ, අධ්යක්ෂණය කළේ අවිශ්ක ඉන්දුල.Written, designed and directed by Avishka Indula.
අපි හදන විදිහHow we make it